Ultimate magazine theme for WordPress.

2024 LPL තරගාවලිය පැවැත්වෙන දින නිවේදනය කෙරේ

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලිය ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

පස්වැනි වරටත් මෙවර පැවැත්වෙන එල්.පී.එල් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ගණන පහක්.

තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්. පළමු වටයේ තරග 20 න් අනතුරුව අවසන් වටයේ තරග 4 පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවැති තරගාවලි හතර අතරින් පළමු තරගාවලි ත්‍රිත්වයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාවය වනිදු හසරංග නායකත්වය දැරූ බී ලව් කැන්ඩි කණ්ඩායම විසින් හිමි කර ගත්තා.

Leave a comment