ෆකාර් සමාන් කැදවමින් ශූරයින්ගේ කුසලානයට පාකිස්තාන සංචිතය නම් කෙරේ

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන සත්කාරක පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
මොහමඩ් රිස්වාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශතකයක් රැස් කළ ෆකාර් සමාන් යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. අබ්දුල්ලාහ් ශෆික්ට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
දකුණු අප්‍රිකා සංචාරයේදී ආබාධයකට ලක් වූ සයීම් අයුබ්ට ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඒ අනුව ෆකාර් සමාන් සමගින් බාබර් අසාම් හෝ සවුද් ශකීල් මෙම තරගාවලියේදී පාකිස්තාන ඉනිම ආරම්භ කිරීමට නියමිතයි. ෆහීම් අශ්රෆ් හා කුෂ්දිල් ශාහ් ද පාකිස්තාන සංචිතයට කැදවා තිබෙනවා.
2017 ශූරයින්ගේ කුසලානය දිනා ගත් පාකිස්තාන සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලියට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි. එනම්, ෆකාර් සමාන්, ෆහීම් අශ්රෆ් හා බාබර් අසාම් යන ක්‍රීඩකයින්. ශඩාබ් ඛාන්ට සංචිතයේ ඉඩක් හිමිව නැහැ.
ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශූරයින්ගේ කුසලානයට පෙර නවසීලන්තය හා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සදහා ද මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.
Squad: Mohammad Rizwan (c), Babar Azam, Fakhar Zaman, Kamran Ghulam, Saud Shakeel, Tayyab Tahir, Faheem Ashraf, Khushdil Shah, Salman Ali Agha (vc), Abrar Ahmed, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah, Shaheen Shah Afridi