Ultimate magazine theme for WordPress.

හෝබාර්ට් පිල 74 කට දවා ගනිමින් මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට පහසු ජයක්

Match Report

2024 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ජීලෝන්ග්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හෝබාර්ට් කණ්ඩායමට පන්දුවාර 12.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.

Nathan Ellis ලකුණු 35(29) ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Fergus O’Neill, Tom Rogers හා Will Sutherland කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මෙල්බර්න් පිල පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tim Seifert නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තේ පන්දු 19 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී Nathan Ellis ලකුණු 12 කට කඩුලු 2 ක් දවා ගත්තා.