හන්ඩ්‍රඩ් කණ්ඩායම් මිලදී ගන්නත් IPL හිමිකරුවන් රැසකගෙන් ලංසු

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මිලදී ගැනීම සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් රැසක් ලංසු ඉදිරිපත් කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, සන්රයිසස් හයිදරාබාද් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ලංසු ඉදිරිපත් කර ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ඊට අමතරව Hampshire කණ්ඩායමේ නව හිමිකරුවන් බවට මෑතකදී පත් වූ දිල්ලි කැපිටල්ස් හිමිකාරීත්වය සහිත GMR Group විසින් ද ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
Manchester United පාපන්දු සමාජයේ සම හිමිකරුවෙකු වන Avram Glazer ද ලංසු ඉදිරිපත් කර ඇති බව සදහන්.
හන්ඩ්‍රඩ් තරගාවලියට කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන අතර, එක් කණ්ඩායමක කොටස් 49% ක් මිලදී ගැනීම සදහායි එංගලන්ත ක්‍රිකට් ආයතනය ආයෝජකයින්ට ආරාධනා කරනු ලැබුවේ. ඔක්තෝබර් 18 වැනිදාට පෙර එම ලංසු ඉදිරිපත් කරන ලෙසට එංගලන්ත ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණා.