Ultimate magazine theme for WordPress.

සිව්වැනි ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් වෙනස්කම් දෙකක්

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව Nathan McSweeney වෙනුවට අවසන් තරග දෙක වෙනුවෙන් වන ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කෙරුණු Sam Konstas මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.

පළමු තරග තුනේදී සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම හේතුවෙනුයි McSweeney කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණු ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට කැදවීමට ද තීරණය කර තිබෙනවා. දෙරට අතර පැවැති දෙවැනි තරගය සදහා ද බෝලන්ඩ් ක්‍රීඩා කළා.

මේ අතර, තෙවැනි ටෙස්ට් තරගයේදී සුළු ආබාධයකට ලක් වූ ට්‍රැවිස් හෙඩ් බොක්සිං දින ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව නායක පැට් කමින්ස් අද(25) මාධ්‍ය වෙත සදහන් කළා. ඔහු අද දිනයේදී යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එහිදී ඔහු හෙට තරගය වෙනුවෙන් සුදුසු යෝග්‍යතාවයක පසුවන බව තහවුරු වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, සිව්වැනි තරගය මෙරට වේලාවෙන් හෙට(26) අලුයම 5:00 ට මෙල්බර්න්හීදී ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

Usman Khawaja, Sam Konstas, Marnus Labuschagne, Steve Smith, Travis Head, Mitch Marsh, Alex Carey (wk), Pat Cummins (C), Mitchell Starc, Nathan Lyon, Scott Boland