Ultimate magazine theme for WordPress.

සියලු දේශීය තරගාවලි අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව, The Major Club T20, Tier ‘B’ T20 හා Governors Trophy යන තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එම තරගාවලියන්ට අදාළ සංශෝදිත තරග කාලසටහන ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇති.