සිම්බාබ්වේ – ඇෆ්ඝනිස්තාන පළමු එක්දින තරගය වැස්සට සේදෙයි
Match Report

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අද(17) වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.
හරාරේහීදී පැවැති තරගයේ ආරම්භය ද වර්ෂාව හේතුවෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර, අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 28 කට සීමා කරමින් තරගය ආරම්භ කෙරුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ පිලට ලබා දීමටයි තීරණය කළේ.
සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 9.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
Ben Curran ලකුණු 15 කටත්, Dion Myers ලකුණු 12 කටත් දැවී ගියා. පන්දු යැවීමේදී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගත්තා.
අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව ප්‍රතිපලයකින් තොරව පළමු එක්දින තරගය අවසන් කෙරුණා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතයි.