ස්ථර දෙකේ (two-tier) ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය සුන් වෙයි ; ටෙස්ට් පිටියට එන අලුත්ම වෙනස මෙන්න
ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළග අදියර සදහා ටෙස්ට් රටවල් 12 ම ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ICC යේ අවධානය යොමුව තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ තරග රටා තුන පිළිබඳ ඇති ගැටළු විසඳීම සඳහා නවසීලන්තයේ හිටපු පිතිකරු Roger Twose ගේ නායකත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් (working group) පත් කර තිබූ අතර, ඔවුන් පසුගිය සතියේ ඩුබායිහීදී ICC මණ්ඩලයට සහ ප්‍රධාන විධායක කමිටුවට (CEC) ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ටෙස්ට් කණ්ඩායම් 12 ම එකම ස්ථරයක් (one division) යටතේ තරග වදිනු ඇති බව සදහන්. කණ්ඩායම් ස්ථර දෙකකට (two-tier) බෙදා තරග පැවැත්විය යුතු බවට යෝජනාවක් පසුගිය කාලයේ සාකච්ඡා වූ නමුත්, ඒ සදහා සැලකිය යුතු සහයෝගයක් ක්‍රිකට් ආයතන රැසකින් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
ස්ථර දෙකක තරග පැවැත්වීමේදී අරමුදල් ආකෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු ද මෙම ක්‍රමවේදය අත්හැර දැමීමට හේතු වී තිබෙනවා.
ප්‍රධාන කණ්ඩායම් සමග තරග වැදීමට ඇති අවස්ථාව අවම වීම හේතුවෙන් දෙවන ස්ථරයට ඇද වැටීමට ඉඩ ඇති බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය හා ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ක්‍රමවේදයට අකමැත්ත පල කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
රටවල් ස්ථර දෙකකට බෙදා තරග පැවැත්වීමේදී එක් එක් කණ්ඩායම් පළමු ස්ථරයේ සිට දෙවැනි ස්ථරයට ඇද වැටීම් සිදු වීමත්, දෙවන ස්ථරයේ සිටින කණ්ඩායම් පළමු ස්ථරයට උසස් වීම් ලැබීමත් සිදු වන බැවින් මූල්‍යමය වශයෙන් මෙම ක්‍රමවේදය හානිදායක විය හැකි බව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේ මතය වී තිබෙනවා.
යම් හෙයකින් ඉන්දියාව, එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව එක් අදියරකදී දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් දෙවන ස්ථරයට ඇද වැටුණහොත් මීළග අදියරේදී එම කණ්ඩායමට එවැනි ප්‍රබල රටවල් සමග ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
අයර්ලන්තය, ඇෆ්ඝනිස්තානය හා සිම්බාබ්වේ යන රටවල්වලට මෙතෙක් පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලි සදහා එක් වීමට අවස්ථාවක් නොලැබුණු අතර, 2027 වසරේ ජූලි මාසයේ සිට ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළග අදියර සදහා එම කණ්ඩායම් ද එක් වීමට ඉඩ තිබෙනවා.