සනත්ගේ ලෝක වාර්තාවකට ළගා වූ විරාත් කෝලි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි විසින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය හා ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් තබා ඇති ලෝක වාර්තාවක් බිද දැමීම සදහා ආසන්නයට පැමිණ තිබෙනවා.
ඒ, වැඩිම රටවල් සංඛ්‍යාවකදී එක්දින ජාත්‍යන්තර ශතක වාර්තා කළ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානයට ඔහු පත් වීමත් සමගයි.
මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරිමට කෝලි සමත් වූ අතර, ඒ අනුව ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇති රටවල් 10 තුළදීම ශතක වාර්තා කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.
එම රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.
මීට පෙර සනත් ජයසූරිය ආසියානු හා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රටවල් 15කදී එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර තිබූ අතර, ඉන් රටවල් 12කදීම ඔහු ශතක වාර්තා කර තිබුණා.
සචින් තෙන්ඩුල්කාර් රටවල් 16කදී තරග ක්‍රීඩා කර ඉන් රටවල් 12කදී එක්දින ශතක වාර්තා කර තිබෙනවා. ක්‍රිස් ගේල් රටවල් 15කදී තරග ක්‍රීඩා කර ඉන් රටවල් 10කදී එක්දින ශතක වාර්තා කළා.
මේ අතර, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ද රටවල් 14 ක එක්දින තරග ක්‍රීඩා කර ඇති අතර, ඉන් රටවල් 9කදී ඔවුන් ශතක වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.