Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලානයට නවසීලන්ත සංචිතය නිවේදනය කෙරේ

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා.

සංචිත නිවේදනය කිරීම සදහා ලබා දී ඇති කාලය අදින් අවසන් වන අතර, මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයික් 15 දෙනෙකු ඇතුළත්. අයි.සී.සී තරගාවලියකදී සැන්ට්නර් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

වේග පන්දු යවන්නන් වන බෙන් සියර්ස් හා විල් ඕරෝක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක නේදන් ස්මිත් ද සංචිතයට ඇතුළත්.

මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය (දකුණු අප්‍රිකාව හා පාකිස්තානය සමග) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලොකී ෆර්ගසන් හට ILT20 තරගාවලිය හේතුවෙන් එම තුන් කොන් තරගාවලිය අහිමි වන බැවින් ජේකබ් ඩෆී සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

මාර්ක් චැප්මන්, විල් යන්ග් හා මයිකල් බ්‍රේස්වෙල් ද සංචිතයේ ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

New Zealand squad for Champions Trophy and Pakistan Tri-Series

Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Ben Sears, Nathan Smith, Kane Williamson, Will Young

ODI Tri-Series fixtures

  • Saturday 8 February – Pakistan v BLACKCAPS – Gaddafi Stadium, Lahore
  • Monday 10 February – BLACKCAPS v South Africa – Gaddafi Stadium, Lahore
  • Friday 14 February – Tri-Series Final – National Stadium, Karachi

ICC Warm-up Fixture

  • Sunday 16 February – BLACKCAPS v Afghanistan – National Stadium, Karachi

ICC Champions Trophy fixtures

  • Wednesday 19 February, 10:00pm NZT – BLACKCAPS v Pakistan – National Stadium Karachi
  • Monday 24 February, 10:00pm NZT – Bangladesh v BLACKCAPS – Rawalpindi Cricket Stadium
  • Sunday 2 March, 10:00pm NZT – BLACKCAPS v India – Dubai International Stadium