Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා T20I සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

එංගලන්තයට එරෙහි තෙවැනි එක්දින තරගයේදී සුපිරි ශතකයක් වාර්තා කළ පවන් රත්නායක විස්සයි 20 සංචිතයට යළි කැදවා ඇතත්, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස් හා දුෂාන් හේමන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ සිට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැතත්, දුනිත් වෙල්ලාලගේ ද සංචිතයේ ස්ථානය රැක ගෙන තිබෙනවා.

කුසල් පෙරේරා යළි විස්සයි 20 සංචිතයට කැදවා තිබීම ද විශේෂත්වයක්.

මේ අතර, විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මහනුවරට පැමිණ සිටි ට්‍රෙවීන් මැතිව්ට ද යළි සිය නිවස කරා පිටත්ව යන ලෙසට බලධාරීන් විසින් දැනුම් දී ඇතැයි වාර්තා පලව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය එළඹෙන 30 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

Sri Lanka squad for England T20Is

Dasun Shanaka (c), Pathum Nissanka, Kamil Mishara, Kusal Mendis, Kusal Perera, Dhananjaya de Silva, Charith Asalanka, Janith Liyanage, Pavan Rathnayake, Dunith Wellalage, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Pramod Madushan, Matheesha Pathirana, Eshan Malinga