ශ්‍රී ලංකා සංචාරයට ප්‍රබලයින් රැසක් නොමැතිව පාකිස්තාන සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා.
ශඩාබ් ඛාන් සංචිතයට යළි කැදවා ඇති අතර, මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දකුණත් පිතිකරුවෙකු වන Khawaja Nafay ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ශඩාබ් මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේදී Sydney Thunder වෙනුවෙන් ක්‍රීඩා කරන නමුත්, ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදීයි.
බිග් බෑෂ් ලීග් ක්‍රීඩා කිරීම හේතුවෙන් බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි, හැරිස් රවුෆ් හා මොහමඩ් රිස්වාන් මෙම සංචිතයට නම් කර නැහැ.
තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය ජනවාරි 7 වැනිදා සිට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.
පාකිස්තාන සංචිතය හා තරග කාලසටහන –
Pakistan squad
Salman Agha (c), Abdul Samad, Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay (wk), Mohammad Nawaz, Salman Mirza, Mohammad Wasim, Naseem Shah, Sahibzada Farhan (wk), Saim Ayub, Shadab Khan, Usman Khan (wk), Usman Tariq
Sri Lanka vs Pakistan T20I series
Jan 7 – 1st T20I
Jan 9 – 2nd T20I
Jan 11 – 3rd T20I