ප්‍රබලයින් රැසක් නොමැතිව ශ්‍රී ලංකා සංචාරයට නවසීලන්ත සංචිතය නම් කෙරේ ; නායකත්වය සැන්ට්නර්ට

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන නවසීලන්ත සීමිත පන්දුවාර සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ මිචෙල් සැන්ට්නර්ටයි.
ඔහුව තාවකාලිකව සුදු පන්දු කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති අතර, ඉදිරියේ දී නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ස්ථීර නායකයා නිවේදනය කරන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ. කේන් විලියම්සන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නවසීලන්තය ක්‍රීඩා කරන පළමු සීමිත පන්දුවාර තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බැවින් ශ්‍රී ලංකා සංචාරය සදහා වන නවසීලන්ත සංචිතයට ටොම් බ්ලන්ඩල්, ඩෙවෝන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරල් මිචෙල්, විල් ඕරෝක්, රචින් රවීන්ද්‍ර, ටිම් සවුති හා කේන් විලියම්සන් නම් කර නැහැ.
පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක Nathan Smith හා කඩුලු රකින පිතිකරුවෙකු වන Mitch Hay පළමු වරට ජාතික සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.
මේ දිනවල ඉන්දීය තරග සංචාරයක නිරත නවසීලන්ත ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් හය දෙනෙකු ද ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත් අතර, ඔවුන් එම ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසුව සෘජුවම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
බෙන් සියර්ස්, බෙන් ලිස්ටර්, ක්යිල් ජමීසන් හා ආදි අශෝක් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් තේරීම් සදහා සලකා බලා නැහැ. Cole McConchie තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ ඔහු හා ඔහුගේ බිරිද දෙසැම්බර් මාසයේ දී නිවුන් දරු උපතකට සූදානමින් පසුවන බැවින්.
මෙම සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ද, එක්දින තරගාවලිය නොවැම්බර් 13 වැනිදා ද ආරම්භ වනවා.
BLACKCAPS squad | Sri Lanka T20I & ODI series
Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Lockie Ferguson, Zak Foulkes, Dean Foxcroft, Mitch Hay (wk), Henry Nicholls, Glenn Phillips, Tim Robinson, Nathan Smith, Ish Sodhi, Will Young