Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් පූර්ව ගැටුම අද

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(25) පැවැත්වෙනවා.

පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ඕමානයේ Al Amerat හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය A කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අතර අද රාත්‍රී 7:00 ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව තරග තුනකින් තරග දෙකක් ජය ගනිමින් A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් අතර, ඇෆ්ඝනිස්ථානය ද තරග තුනක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජය ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා.

තරග තුනම ජය ගත් ඉන්දියාව B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් අතර, තරග දෙකක් ජය ගත් පාකිස්තානය දෙවැනි ස්ථානයට පත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.