ශ්රී ලංකා නවක වේග පන්දු යවන්නා SA20 තරගාවලියට
දකුණු අප්රිකාවේ පැවැත්වෙන SA20 ක්රිකට් තරගාවලිය සදහා ක්රීඩා කිරීමේ අවස්ථාවක් ශ්රී ලංකා නවක වේග පන්දු යවන ක්රීඩක ඒෂාන් මාලිංගට උදා වී තිබෙනවා. ඒ, ඔහු Paarl Royals කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමත් සමගයි.
එම කණ්ඩායම සදහා ක්රීඩා කිරීමට නියමිතව සිටි එංගලන්ත වේග පන්දු යවන ක්රීඩක ජෝන් ටර්නර් වෙනුවටයි මාලිංග එම සංචිතයට ආදේශ කර ඇත්තේ.
ජාතික කණ්ඩායමේ වගකීම් හේතුවෙන් ජෝන් ටර්නර්ට මෙම තරගාවලිය අහිමි වී ඇති බව සදහන්.
ඒෂාන් මාලිංග පසුගිය මාසයේ පැවැති ඉන්දීය ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසියේදී ද ඉන්දීය රුපියල් කෝටි 1.2 කට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
ඒ අනුව එළඹෙන SA20 තරගාවලියට ක්රීඩා කරන ශ්රී ලංකා ක්රීඩකයින් ගණන මේ වන විට 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ Joburg Super Kings කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කිරීමට නියමිත අතර, නුවන් තුෂාර MI Cape Town කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
දුනිත් වෙල්ලාලගේ ද SA20 තරගාවලියේ තෙවැනි අදියරේදී ක්රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඒෂාන් මාලිංග ක්රීඩා කරන Paarl Royals කණ්ඩායම වෙනුවෙනුයි.
2025 SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා සිට පෙබරවාරි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Eshan Malinga. Right-arm fast. Pink! 🔥💗
🚨 The young Sri Lankan will replace John Turner, who will be on national duty during SA20 2025. pic.twitter.com/QcXY3mIWoj
— Paarl Royals (@paarlroyals) December 20, 2024