ශ්රී ලංකා ක්රිකට් නිලවරණය හෙට

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය හෙට (20) පැවැත්වෙනවා.
ක්රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හෙට දිනයේ දී JAIC Hilton හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර, එහිදී ක්රිකට් ආයතනයේ නව නිළධාරී මඩුල්ල පත් කර ගැනීම සදහා වන නිලවරණය පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව විසින් පවත්වන නිලවරණයේ දී 2023-2025 කාලය සදහායි නිලධාරීන් පත් කර ගැනීමට නියමිතව ඇත්තේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීම හෙට පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.