Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් නායකයෙක් – ලෝක කුසලානයේ මූලික සංචිතයත් එළියට

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස යළිත් වරක් දසුන් ශානක පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව විසින් මේ බව නිවේදනය කළා.

මීට පෙර චරිත් අසලංක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නමුත්, නිමා වූ පාකිස්තාන සංචාරයේ විස්සයි 20 තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ. ඒ අනුව එම විස්සයි 20 තරගාවලියේදී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන්ට පැවරුණා.

දසුන් ශානක මීට පෙර ද ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, 2022 ආසියානු කුසලානය ද ශ්‍රී ලංකාව ජය ගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි.

මේ අතර, විස්සයි 20 ලෝක කුසලානය සදහා වන මූලික සංචිතයක් ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය ඉදිරියේදී 15 දෙනෙකු දක්වා අවම කරනු ඇති.

The Preliminary Squad

1. Dasun Shanaka
2. Pathum Nissanka
3. Kusal Mendis
4. Kamil Mishara
5. Kusal Perera
6. Dhananjaya De Silva
7. Niroshan Dickwella
8. Janith Liyanage
9. Charith Asalanka
10. Kamindu Mendis
11. Pavan Rathnayake
12. Sahan Arachchige
13. Wanindu Hasaranga
14. Dunith Wellalage
15. Milan Rathnayake
16. Nuwan Thushara
17. Eshan Malinga
18. Dushmantha Chameera
19. Pramod Madushan
20. Matheesha Pathirana
21. Dilshan Madushanka
22. Maheesh Theekshana
23. Dushan Hemantha
24. Vijayakanth Viyaskanth
25. Traveen Mathew