ශ්‍රී ලංකාව හා පාකිස්තානයට ඇෆ්ඝනිස්තානය බෑ කියයි

ලබන මාසයේදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ඝනිස්තානය තීරණය කර තිබෙනවා.
ඒ, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය අතර දේශසීමා ගැටුම්වලදී දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියත් සමගයි.
එය “ඛේදජනක සිදුවීමක්” ලෙස පෙන්වා දෙමින් “වින්දිතයින්ට ගෞරව කිරීමේ ක්‍රියාවක් ලෙස” ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි 20 තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පැවසුවේ.
පසුගිය මාසයේදී මෙම තුන්කොත් තරගාවලිය සංවිධාන කිරීමට තීරණය කළ අතර, තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ ලාහෝර් හා රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතව තිබුණා.
ඇෆ්ඝනිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තානය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ.