Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට – රටවල් 3ක් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරු කර ගනියි

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අද(26) සමත් වුණා.

ඒ, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ක්වාලා ලම්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 64 ක් ලබා ගත් අතර, ඉන්දීය කණ්ඩායම පන්දුවාර 7.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව සුපිරි හය වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලපොරොත්තු ද මේ වන විට සුන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීම ඊට හේතු වුණා.

දෙවැනි කාණ්ඩයෙන් මේ වන විට දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.