ශ්රී ලංකාව තුන්කොන් ක්රිකට් තරගාවලියකට

ශ්රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය ක්රීඩා කරන තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්රිකට් තරගාවලියක් නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව ඇෆ්ඝනිස්තාන ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට 29 වැනිදා දක්වා රාවල්පින්ඩි හා ලාහෝර්හීදි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් දෙක සමගින් දෙවරක් බැගින් තරග වැදීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා.
Schedule :
- Nov 17: Pakistan vs Afghanistan, Rawalpindi
Nov 19: Afghanistan vs Sri Lanka, Rawalpindi
Nov 22: Pakistan vs Sri Lanka, Lahore
Nov 23: Pakistan vs Afghanistan, Lahore
Nov 25: Afghanistan vs Sri Lanka, Lahore
Nov 27: Pakistan vs Sri Lanka, Lahore
Nov 29: Final, Lahore