ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතයට වෙනසක් – අලුත්ම සංචිත දෙක මෙන්න
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් හා තුන්කොන් විස්සයි 20 තරගාවලියෙන් පිතිකරු හසාන් නවාස් ඉවත් කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
එම තරගාවලිය වෙනුවට ඔහුව Quaid-e-Azam කුසලානය සදහා ක්‍රීඩා කරවීමට යොමු කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
එක්දින සංචිතය සදහා ඔහු වෙනුවට වෙනත් ආදේශක ක්‍රීඩකයෙකු නම් කර නැතත්, විස්සයි 20 සංචිතය සදහා ෆකාර් සමාන් ආදේශ කර තිබෙනවා.
හසාන් නවාස් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 4 ක් හා විස්සයි 20 ජාත්‍යන්තර තරග 25 ක් ක්‍රීඩා කර තිබෙනවා.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන අතර, අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ද ක්‍රීඩා කරන තුන්කොන් විස්සයි 20 තරගාවලියක් නොවැම්බර් 17 වැනිදා ආරම්භ වනවා.
පාකිස්තානයේදී කණ්ඩායම් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කරන විස්සයි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව එය වනු ඇති.
තරගාවලි දෙක සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විටත් එරටට පැමිණ තිබෙනවා.
Pakistan squads
ODIs: Shaheen Shah Afridi (capt), Abrar Ahmed, Babar Azam, Faheem Ashraf, Faisal Akram, Fakhar Zaman, Haris Rauf, Haseebullah, Hussain Talat, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Jnr, Naseem Shah, Saim Ayub, Salman Ali Agha
T20I tri-series: Salman Ali Agha (capt), Abdul Samad, Abrar Ahmed, Babar Azam, Faheem Ashraf, Fakhar Zaman, Mohammad Nawaz, Mohammad Wasim Jnr, Mohammad Salman Mirza, Naseem Shah, Sahibzada Farhan (wk), Saim Ayub, Shaheen Shah Afridi, Usman Khan (wk), Usman Tariq
