Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේදී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආබාධවලට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක Gerald Coetzee හා තුන් ඉරියව් ක්‍රීඩක Wiaan Mulder වෙනුවට කඩුලු රකින පිතිකරුවෙකු වන Ryan Rickelton හා වේග පන්දු යවන ක්‍රීඩක Dane Paterson කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට අමතර පිතිකරුවෙකු නම් කර ඇති අතර, ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා දග පන්දු යවන්නෙකු ද කණ්ඩායමට ඇතුළත්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. දෙවැනි තරගය හෙට (5) මෙරට වේලාවෙන් පස්වරු 1:30 ට Gqeberha හීදී (Port Elizabeth) ආරම්භ වීමට නියමිතයි.

South Africa XI: Aiden Markram, Tony de Zorzi, Tristan Stubbs, Temba Bavuma (c), David Bedingham, Kyle Verreynne (wk), Ryan Rickelton, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada, Dane Paterson