Ultimate magazine theme for WordPress.

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපති ධූරය නිල වශයෙන් භාර ගත් බව එම කවුන්සලය අද(6) නිවේදනය කළා.

ඒ, මෙතෙක් සභාපති ධූරය දැරූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ශාහ් අයි.සී.සී සභාපති ධූරය භාර ගැනීම හේතුවෙන්.

ශම්මි සිල්වා මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මුල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස ද වසර කිහිපයක් සේවය කළා.

සභාපති ධූරය භාර ගත් ශම්මි සිල්වා මහතා මෙලෙස අදහස් පල කළා.

“It is a great honour to lead the Asian Cricket Council. Cricket is the heartbeat of Asia, and I look forward to working closely with all member nations to elevate the game, provide opportunities for emerging talent, and strengthen the bonds that unite us through this beautiful sport.”