ශකිබ්ගේ සමු ගැනීමේ ටෙස්ට් තරගය තහවුරු වෙයි – බංග්ලාදේශ සංචිතය මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද නම් කර ඇති අතර, ඒ අනුව එම තරගය ඔහු ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය බවට පත් වනු ඇති.
ශකිබ් පසුගිය මැයි මාසයෙන් පසුව මේ දක්වා බංග්ලාදේශයට පැමිණ නොමැති අතර, ඔහු බ්‍රහස්පතින්දා(17) දිනයේ දී බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇති බව සදහන්.
තමා ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බව ශකිබ් නිවේදනය කළේ සැප්තැම්බර් 26 වැනිදා කන්පූර්හීදීයි. ඔහු එහිදී සදහන් කළේ තමන් දකුණු අප්‍රිකාව සමග ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියට සමු දීමට කැමැත්තෙන් පසුවන බවයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ ආණ්ඩු බලය හොඹවනු ලැබූ අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ ප්‍රබලයින් රැසක් අත්අඩංගුවට ගැනීමත් (ශකිබ් ද එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියා), එරට පැවැති ආණ්ඩුවට එරෙහි විරෝධතා අතරතුර සිදු වූ ඝාතනයට අදාළව ශකිබ් ද සැකකරුවෙකු ලෙස නම් කර තිබීමත් පදනම් කර ගනිමින් තමන්ට බංග්ලාදේශයට පැමිණීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශකිබ් පෙන්වා දී තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට සහතිකයක් ලබා දිය නොහැකි බවයි. නමුත්, ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇති බව එරට අන්තර් කාලීන ආණ්ඩුව පවසා තිබුණා.
එරට පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ නිහඩව සිටීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි ශකිබ් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් මීට දින කිහිපයකට පෙර සදහන් කර තිබුණේ.
බංග්ලාදේශ තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ එරට ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු අනුමැතියකට අනුව ශකිබ් අල් හසාන් පළමු ටෙස්ට් තරගය සදහා නම් කළ බවයි.
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක කලෙඩ් අහ්මඩ් මෙම සංචිතය සදහා නම් කර නැහැ. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 21 වැනිදා මීර්පූර්හී දී ආරම්භ වනවා.
විනය හේතු මත චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි. කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස Phil Simmons කටයුතු කරනවා.
Bangladesh squad for first Test against SA
Najmul Hossain Shanto (c), Shadman Islam, Mahmudul Hasan Joy, Zakir Hasan, Mominul Haque, Mushfiqur Rahim, Shakib Al Hasan, Litton Das, Jaker Ali, Mehidy Hasan, Taijul Islam, Nayeem Hasan, Taskin Ahmed, Hasan Mahmud, Nahid Rana