Ultimate magazine theme for WordPress.

වෝර්න්-මුරලි කුසලානයට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් වෝර්න්-මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා ලහිරු උදාර, සොනාල් දිනූෂ හා ජෙෆ්රි වැන්ඩර්සේ වැනි ක්‍රීඩකයින් ද නම් කර ඇති අතර, ඕෂද ප්‍රනාන්දු ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නවසීලන්ත සංචාරයේදී ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය ආරම්භ වන්නේ පෙබරවාරි 6 වැනිදායි.

The Squad
1) Dhananjaya de Silva – Captain
2) Dimuth Karunaratne
3) Pathum Nissanka – subject to fitness
4) Oshada Fernando
5) Lahiru Udara
6) Dinesh Chandimal
7) Angelo Mathews
8) Kamindu Mendis
9) Kusal Mendis
10) Sadeera Samarawickrama
11) Sonal Dinusha
12) Prabath Jayasuriya
13) Jeffrey Vandersay
14) Nishan Peiris
15) Asitha Fernando
16) Vishwa Fernando
17) Lahiru Kumara
18) Milan Rathnayake