වෙනස්කම් රැසක් එක්ක ශ්‍රී ලංකා සංචාරයට හා ලෝක කුසලානයට එංගලන්ත සංචිත නම් කෙරේ
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත මූලික සංචිතය හා ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන එංගලන්ත සංචිත එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ලෝක කුසලාන සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් නම් කර තිබීම විශේෂත්වයක්. ඒ, ඔහුට ආබාධයක් (left side strain) හේතුවෙන් මෙවර අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙක අහිමි වී ඇති පසුබිමකයි.
ජෙමී ස්මිත්ට හා ජෝර්ඩන් කොක්ස්ට මෙම සංචිතවල ඉඩක් වෙන් වී නැහැ.
අළුබදුන තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග් ලෝක කුසලාන සංචිතයට නම් කර තිබීම ද කැපී පෙනෙනවා. ඔහු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර සුදු පන්දු තරගයක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති පසුබිමකයි ඔහුව සංචිතයට නම් කර ඇත්තේ.
බෙන් ඩකට් යළි සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.
අළුබදුන තරගාවලියෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් ජනවාරි 9 වැනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යාමට නියමිත අතර, ඔවුන් ජනවාරි 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
England squad for ODIs in Sri Lanka:
Harry Brook, Rehan Ahmed, Tom Banton, Jacob Bethell, Jos Buttler, Brydon Carse, Zak Crawley, Sam Curran, Liam Dawson, Ben Duckett, Will Jacks, Jamie Overton, Adil Rashid, Joe Root, Luke Wood.
England squad for T20s in Sri Lanka and World Cup:
Harry Brook, Rehan Ahmed, Jofra Archer (World Cup only), Tom Banton, Jacob Bethell, Jos Buttler, Brydon Carse (Sri Lanka tour only), Sam Curran, Liam Dawson, Ben Duckett, Will Jacks, Jamie Overton, Adil Rashid, Phil Salt, Josh Tongue, Luke Wood.
England’s white-ball tour of Sri Lanka
- 1st ODI: January 22, Colombo
- 2nd ODI: January 24, Colombo
- 3rd ODI: January 27, Colombo
- 1st T20I: January 30, Kandy
- 2nd T20I: February 1, Kandy
- 3rd T20I: February 3, Kandy