වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින තරගයේදී පිතිකරණයේ නිරතව සිටියදී ඔහුගේ දකුණු පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව ඔහු සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් කොළඹ පිහිටි ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු විස්සයි 20 සංචිතයට ආදේශ නොකරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ආබාධය සහිතව වුවද වනිදු ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වෙමින් පන්දුවාර 8.4 ක් තුළ ලකුණු 35 කට කඩුලු දෙකක් දවා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය හෙට(10) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.