Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට දිනක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබල වෙනසක්

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ ආබාධයකට ලක් වූ ඒෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් සංචිතයට ආදේශ කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව අනුමැතිය ලබා දී ඇති බවයි.

පසුගිය පළමු වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි 20 තරගයේදී මාලිංගගේ උරහිසක ආබාධයක් ඇති වුණා.

ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ අවසන් තරගය ද අහිමි වූ අතර, වෛද්‍ය පරීක්ෂණවලින් පසුව අනාවරණය වූයේ ලෝක කුසලාන තරගාවලිය ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය හෙට(7) ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී ආරම්භ වනවා.

The squad
1) Dasun Shanaka – Captain
2) Pathum Nissanka
3) Kamil Mishara
4) Kusal Mendis
5) Kamindu Mendis
6) Kusal Janith Perera
7) Charith Asalanka
8) Janith Liyanage
9) Pavan Rathnayake
10) Wanindu Hasaranga
11) Dunith Wellalage
12) Maheesh Theekshana
13) Dushmantha Chameera
14) Matheesha Pathirana
15) Pramod Madushan