Ultimate magazine theme for WordPress.

ලිටොන් දාස්ගේ නායකත්වයෙන් බංග්ලාදේශ T20I සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස ලිටොන් දාස් සම්පූර්ණ තරගාවලියක් මෙහෙයවීම වෙනුවෙන් පළමු වරට පත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය සදහායි ඔහුව මෙලෙස නායකයා ලෙස පත් කර ඇත්තේ.

2023 දෙසැම්බර් මාසයේදී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක ශමිම් හොසේන් ද යළි ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

රිපෝන් මොන්ඩල් ද සංචිතයට කැදවා ඇති අතර, නොවැම්බර් මාසයේදී පාදයක අබාධයකට ලක් වූ නිත්‍ය නායක නජ්මුල් හොසේන් ශන්තෝ තවමත් ඉන් සුවය ලබමින් සිටින බැවින් මෙම තරගාවලියට ද නම් කර නැහැ.

කොදෙව්වන් සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහිදි හසාන් මිරාස් විසින් මෙහෙය වූ අතර, එම තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා. මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියේදී ද කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඔහු විසිනුයි.

ආබාධයක් හේතුවෙන් තව්හිද් හ්රිදෝයි හා පෞද්ගලික හේතුවක් මත මුස්ටර්ෆිසුර් රහ්මාන් සංචිතයට නම් කර නොමැති අතර, රකිබුල් හසාන්ට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ශමිම් හා මොන්ඩල් හැරුණු විට හසාන් මහ්මුද්, නසුම් අහ්මඩ්, සෞම්‍ය සාකාර් හා අෆිෆ් හොසේන් ද සංචිතය සදහා යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 16 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad for T20I series against West Indies

Litton Das (c), Soumya Sarkar, Tanzid Hasan, Parvez Hossain Emon, Afif Hossain, Mehidy Hasan Miraz, Jaker Ali, Shamim Hossain, Mahedi Hasan, Rishad Hossain, Nasum Ahmed, Taskin Ahmed, Tanzim Hasan, Hasan Mahmud, Ripon Mondol

West Indies vs Bangladesh T20I series

  • December 16 – 1st T20I
  • December 18 – 2nd T20I
  • December 18 – 3rd T20I