Ultimate magazine theme for WordPress.

“ලංකාවට ආවේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නෙවෙයි” : SLC

මේ වන විට මෙරට තරග සංචාරයක නිරත වන ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද(2) සදහන් කළා.

ඒ, ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සදහා යොමු කර ඇති බවට සිදු කෙරෙන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකුම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එබැවින් එම කණ්ඩායම ඇතැම් පාර්ශව පවසන පරිදි දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත සංචාරයක නිරතව සිටින අතරවාරයේ දී බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිහිපත් කරනවා.

මේ වන විට ලොව ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් ඒ ඒ තරග රටා සදහා විශේෂ වූ සංචිත හා ක්‍රීඩකයින් බිහි කරමින් සිටින බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

සෑම තරග රටාවකම තරගකාරීත්වය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, බාධාවකින් තොරව ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීමට ද ඒ ඔස්සේ ක්‍රිකට් ආයතන සදහා අවස්ථාව හිමි වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

Leave a comment