රෝස් ටේලර් වෙනත් රටකින් යළි ජාත්‍යන්තර පිටියට

විශ්‍රාම ගෙන සිටි නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, නවසීලන්ත හිටපු නායකයා මෙවර ජාත්‍යන්තර පිටියට පිවිසීමට නියමිතව ඇත්තේ නවසීලන්තය නියෝජනය කරමින් නොවීම විශේෂත්වයක්.
ඒ අනුව 41 හැවිරිදි ඔහු 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සැමෝවා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
තරගාවලිය සදහා ක්‍රීඩා කරන සැමෝවා සංචිතය මේ වන විට නිවේදනය කර ඇති අතර, Caleb Jasmat ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ටේලර් ද නම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ටේලර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද සටහනක් තබමින් තහවුරු කළා.
It’s official – I’m proud to announce that I’ll be pulling on the blue and representing Samoa in cricket.
This is more than just a return to the game I love — it’s the huge honour to represent my heritage, culture, villages, and family.
I’m excited for the opportunity to give back to the game, join the squad, and share my experience on and off the field.
Time to get back out there – #685 to the world!
CHEEEHOOO! 🇼🇸
රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 112 ක්, එක්දින තරග 236 ක් හා විස්සයි 20 තරග 102 ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 2022 වසරේදීයි.
රෝස් ටේලර්ගේ මව සැමෝවා සම්භවයක් සහිත කාන්තාවක් වන අතර, ඒ හේතුවෙනුයි ටේලර්ට සැමෝවා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ.
Samoa T20I squad
Caleb Jasmat (capt), Ross Taylor, Darius Visser, Sean Solia, Daniel Burgess, Douglas Finau, Sam French, Kurtis Hynam-Nyberg, Ben Mailata, Noah Mead, Solomon Nash, Samson Sola, Fereti Sululoto, Saumani Tiai, Ili Tugaga