රිෂී ධවාන් සුදු පන්දුවට සමු දෙයි

හිමාචල් ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක රිෂී ධවාන් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
Vijay Hazare කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි ඔහු මේ බව නිවේදනය කළේ.
34 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 ක් හා විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් 2016 වසරේදී ක්‍රීඩා කළා.
ඔහු සීමිත පන්දුවාර පිටියෙන් පමණක් සමු ගෙන ඇති බැවින් අවම වශයෙන් මේ වන විට ක්‍රියාත්මක Ranji කුසලාන තරගාවලිය අවසන් වන තුරු හෝ ඔහු රතු පන්දු පිටියේ රැදී සිටිනු ඇති.
රිෂී ධවාන් අයි.පී.එල් තරග 39 කට ද ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 25 ක් දවා ගත් ඔහු ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 210 ක්.