Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානයේ කාලසටහන එළියට – ශ්‍රී ලංකාව C ඛාණ්ඩයට

සිම්බාබ්වේහීදී හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිත 16 වැනි ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි 15 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සදහා රටවල් 16 ක් එක්වනවා.

එම රටවල් මූලික වටයේදී ඛාණ්ඩ 4 ක් යටතේ තරග වදින අතර, අනතුරුව සෑම ඛාණ්ඩයකම පළමු ස්ථාන තුනේ පසුවන කණ්ඩායම් සුපිරි 6 වටයට සුදුසුකම් ලබනවා. එහිදී ඛාණ්ඩ දෙකකට කණ්ඩායම් 6 බැගින් ඇතුළත් කර තරග පැවැත්වෙන අතර, පසුව අවසන් පූර්ව වටයත්, අවසන් මහා තරගයක් පැවැත්වීමට නියමිතයි.

ටැන්සානියාව පළමු වරට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. එමෙන්ම ජපානය ද දෙවැනි වරට මෙම තරගාවලියට එක්වනවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වන්නේ C ඛාණ්ඩයෙන්. රටවල් ඛාණ්ඩ ගත කර ඇති අයුරු පහතින් –

Group A – India, Bangladesh, USA, New Zealand.

Group B – Zimbabwe, Pakistan, England, Scotland.

Group C Australia, Ireland, Japan, Sri Lanka.

Group D – Tanzania, West Indies, Afghanistan, South Africa.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජනවාරි 17 වැනිදා ජපානයට එරෙහිවයි. අනතුරුව අයර්ලන්තයට එරෙහි තරගය ජනවාරි 19 වැනිදා ද, වත්මන් යොවුන් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ජනවාරි 23 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තරගාවලියට පෙර ජනවාරි 9 වැනිදා සිට 14 වැනිදා දක්වා සියලු කණ්ඩායම් පුහුණු තරග සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග කාලසටහන –

15 January, USA v India, Queens Sports Club, Bulawayo

15 January, Zimbabwe v Scotland, Takashinga Sports Club, Harare

15 January, Tanzania v West Indies, HP Oval, Windhoek

16 January, Pakistan v England, Takashinga Sports Club, Harare

16 January, Australia v Ireland, Namibia Cricket Ground, Windhoek

16 January, Afghanistan v South Africa, HP Oval, Windhoek

17 January, India v Bangladesh, Queens Sports Club, Bulawayo

17 January, Japan v Sri Lanka, Namibia Cricket Ground, Windhoek

18 January, New Zealand v USA, Queens Sports Club, Bulawayo

18 January, England v Zimbabwe, Takashinga Sports Club, Harare

18 January, West Indies v Afghanistan, HP Oval, Windhoek

19 January, Pakistan v Scotland, Takashinga Sports Club, Harare

19 January, Sri Lanka v Ireland, Namibia Cricket Ground, Windhoek

19 January, South Africa v Tanzania, HP Oval, Windhoek

20 January, Bangladesh v New Zealand, Queens Sports Club, Bulawayo

20 January, Australia v Japan, Namibia Cricket Ground, Windhoek

21 January, England v Scotland, Takashinga Sports Club, Harare

21 January, Afghanistan v Tanzania, HP Oval, Windhoek

22 January, Zimbabwe v Pakistan, Takashinga Sports Club, Harare

22 January, Ireland v Japan, Namibia Cricket Ground, Windhoek

22 January, West Indies v South Africa, HP Oval, Windhoek

23 January, Bangladesh v USA, Takashinga Sports Club, Harare

23 January, Sri Lanka v Australia, Namibia Cricket Ground, Windhoek

24 January, India v New Zealand, Queens Sports Club, Bulawayo

24 January, A4 v D4, HP Oval, Windhoek

25 January, Super Six A1 v D3, Namibia Cricket Ground, Windhoek

25 January, Super Six D2 v A3, HP Oval, Windhoek

26 January, B4 v C4, Harare Sports Club, Harare

26 January, Super Six C1 v B2, Queens Sports Club, Bulawayo

26 January, Super Six D1 v A2, Namibia Cricket Ground, Windhoek

27 January, Super Six C2 v B3, Harare Sports Club, Harare

27 January, Super Six C3 v B1, Queens Sports Club, Bulawayo

28 January, Super Six, A1 v D2, Harare Sports Club, Harare

29 January, Super Six D3 v A2, Queens Sports Club, Bulawayo

30 January, Super Six D1 v A3, Harare Sports Club, Harare

30 January, Super Six B3 v C1, Queens Sports Club, Bulawayo

31 January, Super Six B2 v C3, Harare Sports Club, Harare

01 February, Super Six B1 v C2, Queens Sports Club, Bulawayo

03 February, First semi-final, Queens Sports Club, Bulawayo

04 February, Second semi-final, Harare Sports Club, Harare

06 February, Final, Harare Sports Club, Harare