Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 16 මෙන්න

2026 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඇමෙරිකා එක්සත් ජනපදය ද සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහායි.

ඒ අනුව මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 16 ම තෝරා ගෙන අවසන්.

තරගාවලිය සිම්බාබ්වේහීදී හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිත අතර, පූර්ණ සාමාජික රටක් වන බැවින් සිම්බාබ්වේ කණ්ඩායම සත්කාරක රට ලෙස ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබුවා.

කෙසේ වෙතත්, පූර්ණ සාමාජික රටක් නොවන බැවින් සත්කාරක රටක් වුවත් නැමීබියාවට ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර, ඔවුන්ට අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වුණා. නමුත්, එම තරගාවලියෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ ටැන්සානියාවයි.

ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඇෆ්ඝනිස්තානය ද, නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජපානය ද, යුරෝපා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ස්කොට්ලන්තය ද ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා.

2024 යොවුන් ලෝක කුසලානයේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් වු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ද 2026 අදියරට සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.