Ultimate magazine theme for WordPress.

මොකක්ද මේ අලුතින්ම එන Test Twenty කියන්නේ ? සම්පූර්ණ විස්තරේ මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වන විට ප්‍රධාන ලෙස තරග රටා ත්‍රිත්වයක් පවතින බව ඔබ දන්නවා. එනම්, ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරග රටා. ඒ හැරුණු විට ටී 10, සහ සාමාජික වැනි ක්‍රිකට් තරගාවලි ද අපට දැක ගන්නට ලැබෙනවා.

එවන් පසුබිමක ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින්ම තවත් තරග රටාවක් හදුන් දුන් පුවතක් වාර්තා වුණා. මෙම තරග රටාව හදුන්වන්නේ ටෙස්ට් 20 (Test Twenty) ලෙසයි.

මෙහිදී එක් තරගයකදී පන්දුවාර 80 ක් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. එක් කණ්ඩායමකට ටෙස්ට් තරගයකදී මෙන් ඉනිම් දෙකක් පිතිකරණයේ නිරත වීමටත්, පන්දු යැවීමටත් අවස්ථාව ලැබීම විශේෂත්වයක්.

පළමු ඉනිමේදී ලකුණු 75 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් ඉදිරියෙන් පසුවුවහොත් ටෙස්ට් තරගයකදී මෙන් අඛණ්ඩව දෙවැනි ඉනිම ද ක්‍රීඩා කිරීම සදහා ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කිරීමට ද මෙම තරග රටාවේදී අවස්ථාව හිමි වනවා.

එළඹෙන ජනවාරි මාසයේදී මෙම තරග රටාවේ පළමු අදියර ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ගෝලීය ෆ්‍රැන්චයිස් කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතව තිබෙනවා. කණ්ඩායම් 3ක් ඉන්දියාවේ නගර කේන්ද්‍ර කර ගනිමින් තරග වදින අතර, අනෙක් කණ්ඩායම් 3 ඩුබායි, ලන්ඩන් හා ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් එක් වනු ඇති.

එක් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට ඉන්දීය ක්‍රීඩකයින් 8 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් ට්වෙන්ටි යනු One One Six Network හි විධායක සභාපති, ක්‍රීඩා ව්‍යවසායක Gaurav Bahirvani සංකල්පයක් මත පැවැත්වෙන තරගාවලියක්. ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ්, ඒ.බී. ඩි විලියර්ස්, හර්බජාන් සිං හා මැතිව් හේඩ්න් උපදේශක මණ්ඩලයට ඇතුළත්.