Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ගැන විමර්ශනය කරන්න පංච පුද්ගල කමිටුව පත් කෙරේ

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ අතර, ඒ හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා කඩිනමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේ.

දිවයිනට පැමිණීමෙන් පසුව ඔවුන් තිදෙනා මේ වන විට හෝටලයකදී නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

විමර්ශන අවසන් වනතුරු අදාළ ක්‍රීඩකයින් තිදෙනාට පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම වලංගු වන අතර, විමර්ශනවලින් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඩුවම තීරණය කරනු ඇති.

පංච පුද්ගල කමිටුව –

  1. Justice Nimal Dissanayaka (Retd Judge of the Supreme Court of Sri Lanka)
  2. Mr. Panduka Keerthinanda, Attorney-at-Law
  3. Mr. Asela Rekawa, Attorney-at-Law
  4. Mr. Uchitha Wickremasinghe, Attorney-at-Law
  5. Major General (Retd) M.R.W. De Zoysa
Leave a comment