මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් කෝටි දහස් ගණනක් වැය කරමින් Hundred කණ්ඩායමක් මිලට ගනියි

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Oval Invincible කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් කොටසක් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් වන Reliance Industries Limited සමාගම සමත්ව තිබෙනවා. ඒ, හන්ඩ්‍රඩ් තරගාවලියේ කණ්ඩායම්වල කොටස් අලෙවි කිරීම සදහා පැවැත්වෙන වෙන්දේසියේදීයි.
පවුම් මිලියන 123 ක ලංසුවක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4,545 ක ලංසුවක් ඉදිරිපත් කරමින් එම කණ්ඩායමේ කොටස්වලින් 49% ක හිමිකාරීත්වය ලබා ගැනීමට Reliance Industries සමත්ව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ජයග්‍රාහී අදාළ ලංසුව Oval Invincible කණ්ඩායමේ 100% ක කොටස් සදහා වන වටිනාකම බවට සදහන් වන අතර, ඒ අනුව Reliance Industries Limited සමාගමට 49% ක කොටස් වෙනුවෙන් ගෙවීමට සිදු වන මුදල පවුම් මිලියන 60 ක් (රුපියල් කෝටි 2,217 ක් පමණ) පමණ වනු ඇති.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය හෝ Oval Invincible පාලන කටයුතු සිදු කරන සරේ ප්‍රාන්ත බලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඇඩෝබි හි ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ සමූහයක් හා CVC නම් සමාගම ද Invincible කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර තිබූ බව සදහන්.
ඉන්දීය ප්‍රිමියර් ලීග්හි ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම Oval Invincible කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගැනීමත් සමග Invincible කණ්ඩායමේ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ, සරේ ප්‍රාන්ත සමාජය ද එංගලන්තයේ ධනවත්ම ප්‍රාන්ත කණ්ඩායම ලෙස සැලකෙන බැවින්.
Reliance Industries Limited සමාගමේ හිමිකාරීත්වයට නතු වන 6 වැනි කණ්ඩායම බවට Invincible කණ්ඩායම පත්වනවා. මේ වන විටත් IPL හා WPL තරගාවලියන්ට තරග වදින මුම්බායි ඉන්දියන්ස්, MLC තරගාවලියට ක්‍රීඩා කරන MI New York, SA20 තරගාවලියට එක්වන MI Cape Town හා ILT20 තරගාවලියේදී දැක ගත හැකි MI Emirates කණ්ඩායමේ හිමිකාරීත්වය සතුවන්නේ අම්බානි පවුලට අයත් මෙම සමාගමටයි.