මුජීබ් යළි ජාතික සංචිතයට කැදවමින් ඇෆ්ඝනිස්තාන සීමිත පන්දුවාර සංචිත නම් කෙරේ

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන ඇෆ්නිස්තාන සීමිත පන්දුවාර සංචිත නම් කර තිබෙනවා.
දකුණු අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකිව සිටි මුජීබ් උර් රහ්මාන් මෙම සංචිත සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු මාස පහකට පමණ පසුව පළමු වරට ක්‍රිකට් පිටියට පිවිසෙමින් මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටිනවා.
මුල්පෙල පිතිකරුවෙකු වන Zubaid Akbari පළමු වරට එරට විස්සයි 20 සංචිතයට නම් කර ඇති අතර, තවත් මුල්පෙල පිතිකරුවෙකු වන Darwish Rasooli ද විස්සයි 20 සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
එංගලන්තයේදී මෑතකදී වළලුකර ශල්‍යකර්මකයට මුහුණ දුන් මුල්පෙල පිතිකරු ඊබ්‍රහීම් සඩ්‍රාන් තවමත් සුවය ලබමින් සිටින බැවින් මෙම සංචාරයට නම් කර නැහැ.
නූර් අහ්මඩ් විස්සයි 20 සංචිතයට පමණක් නම් කර ඇති අතර, රියාස් හසාන් ද එක්දින සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
මේ අතර, තරග සංචාරයේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර ඇති අතර, ඒ අනුව දෙසැම්බර් 9, 11 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 11, 13 හා 14 යන දිනවලදී පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.
එක්දින තරගාවලියේ තරග තුන දෙසැම්බර් 17, 19 හා 21 යන දිනවලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. හරාරේහීදී සියලු තරග පැවැත්වීමට නියමිතයි.
Afghanistan ODIs squad :
Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Ikram Alikhil (wk), Abdul Malik, Sediqullah Atal, Darwish Rasooli, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Rashid Khan, Nangyal Kharoti, AM Ghazanfar, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi, Bilal Sami, Naveed Zadran and Farid Ahmad Malik
Afghanistan T20Is squad :
Rashid Khan (c), Rahmanullah Gurbaz (wk), Mohammad Ishaq (wk), Sediqullah Atal, Hazratullah Zazai, Mohammad Nabi, Darwish Rasooli, Zubaid Akbari, Gulbadin Naib, Karim Janat, Azmatullah Omarzai, Nangyal Kharoti, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazal Haq Farooqi, Fareed Ahmad and Naveen Ul Haq