Ultimate magazine theme for WordPress.

මයිකල් ස්ලැටර්ට ඇප නැති වෙයි

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුවෙකු වන මයිකල් ස්ලැටර්ට ඇප ලබා දීමට එරට ක්වීන්ස්ලන්ත අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ හිංසන චෝදනා මත අත්අඩංගුවට පත් වූ ඔහුව තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කර ඇත්තේ.

54 හැවිරිදි ස්ලැටර්ට එරෙහිව 2023 වසරේ දෙසැම්බර් 5 වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් 12 වැනිදා දක්වා කාලයට අදාළව ගෘහස්ථ හිංසනයට සම්බන්ධ චෝදනා 19 ක් එල්ල වී තිබෙනවා.

එල්ල වී ඇති චෝදනා මයිකල් ස්ලැටර් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු ලබන මැයි 31 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු 1993 වසරේ සිට 2001 වසර දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එහිදී ටෙස්ට් තරග 74 ක් ස්ලැටර් ක්‍රීඩා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කළා.

Leave a comment