Ultimate magazine theme for WordPress.

බෙන් ස්ටොක්ස් T20 ලෝක කුසලානය අත් හරියි

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිත අතර, පන්දු යැවීම සදහා සුදුසු පරිදි සිය ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණ ඇතිව ඔහු එම තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ලෝක කුසලානයෙන් පසුව ආරම්භ වන එළඹෙන එංගලන්ත ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව හා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලි සදහා පමණක් නොව සිය ක්‍රිකට් අනාගතයේ සියලු තරග සදහා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පන්දු යැවීමෙන් කණ්ඩායමට දායකත්වය ලබා දීමට අවශ්‍ය යෝග්‍යතාවය ළගා කර ගැනීම සදහා සූදානම් වීමේ අරමුණිනුයි බෙන් ස්ටොක්ස් මෙලෙස ලෝක කුසලානයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

32 හැවිරිදි ස්ටොක්ස් මීට පෙර දණහිසක ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ද ඔහු ඉවත් වුණා.

ලෝක කුසලානයෙන් ඉවත් වීමට ගත් සිය තීරණය සම්බන්ධයෙන් බෙන් ස්ටොක්ස් පල කළ අදහස් –

“I’m working hard and focusing on building my bowling fitness back up to fulfil a full role as an all-rounder in all formats of cricket.

“Opting out of the IPL and the World Cup will hopefully be a sacrifice that allows me to be the all-rounder I want to be for the foreseeable future.

“The recent Test tour of India highlighted how far behind I was from a bowling point of view after my knee surgery and nine months without bowling. I’m looking forward to playing for Durham in the County Championship before the start of our Test summer.

“I wish Jos, Motty and all the team the best of luck in defending our title.”

Leave a comment