බෙන් කරන් සමග සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයට නවක මුහුණු 7ක්

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්.
සංචිතයට හිටපු ක්‍රීඩක කෙවින් කරන්ගේ පුත්‍රයා මෙන්ම එංගලන්ත ක්‍රීඩකයින් වන ටොම් කරන් හා සෑම් කරන්ගේ සහෝදරයා වන බෙන් කරන් ද නම් කර තිබෙනවා.
ඔහුට අමතරව සංචිතයට නම් කර ඇති ටෙස්ට් වරම් දිනා නොමැති සෙසු ක්‍රීඩකයින් වන්නේ Johnnathan Campbell (හිටපු ක්‍රීඩක Alastair Campbell ගේ පුත්‍රයා), Trevor Gwandu, Takudzwa Chataira, Newman Nyamhuri, Nyasha Mayavo හා Tadiwanashe Marumani යන ක්‍රීඩකයින්.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වැනිදා බුලවායෝහීදී ආරම්භ වීමට නියමිතයි. සිම්බාබ්වේ දේශයේදී එලෙස බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 28 කට පසුව වීම විශේෂත්වයක්.
Test Squad:
Craig Ervine (c), Ben Curran, Brian Bennett, Johnathan Campbell, Takudzwa Chataira, Joylord Gumbie, Trevor Gwandu, Takudzwanashe Kaitano, Tadiwanashe Marumani, Brandon Mavuta, Nyasha Mayavo, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Newman Nyamhuri, Sikandar Raza, Sean Williams.
Schedule –
- Dec 26-30 – 1st Test, Bulawayo
- Jan 2-6 – 2nd Test, Bulawayo