බුම්රා ගැන මහේලගෙන් සුබ ආරංචියක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ සදුදා (7) පැවැත්වීමට නියමිත තරගාවලියේ 20 වැනි තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා සලකා බැලීමට හැකි බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.
“He’s available, he’s training today, and should be available,” යනුවෙන් මහේල කියා සිටියා.
“He arrived last night, he had his sessions with NCA to finalise that, he’s been handed over to our physios. He’s bowling today, so all good.”
මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී මෙතෙක් ක්‍රීඩා කළ තරග 4න් තරග 3 ක්ම පරාජයට පත්ව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.
ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැති සිඩ්නි ටෙස්ට් තරගයේදී බුම්රා පිට කොන්ද ආශ්රිත ආබාධයකට මුහුණ දුන් අතර, අනතුරුව ඔහුට මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබී නැහැ.