පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ශ්‍රී ලංකා පිල හමු වෙයි – ශ්‍රී ලංකාවේ තීරණය වෙනස් කර ගත් හැටි ලොවටම කියයි
පාකිස්තාන තරග සංචාරය අඛණ්ඩව සිදු කර ගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට ස්තූතිය පල කිරීම සදහා හා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද සොයා බැලීමේ අරමුණින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති හා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන Mohsin Naqvi අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුණ ගැසී තිබෙනවා.
රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරතව සිටින අතරතුරයි ඔහු එලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුණ ගැසුණේ.(දර්ශන පහතින්)්
මේ අතර, අද දිනයේදී සෙනෙට් සභාවේදී අදහස් දක්වමින් Mohsin Naqvi කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරය අඛණ්ඩව සිදු කර ගෙන යාම සදහා ඔවුන්ව එරට තුළ රදවා ගැනීම වෙනුවෙන් පාකිස්තාන හමුදා ප්‍රධානී Field Marshal Asim Munir විශාල කාර්යය භාරයක් සිදු කළ බවයි.
ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමතිවරයා මෙන්ම ලේකම්වරයා ද අමතා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දී තිබූ බව Naqvi පෙන්වා දෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග සාකච්ඡා කර තිබූ බව ඔහු සදහන් කළා.
“දැන්, පාකිස්තාන හමුදාව, රේන්ජර්ස් සහ ඉස්ලාමාබාද් පොලීසිය එකතුව ඔවුන්ගේ (ශ්‍රී ලංකා කණ්ඩායමේ) ආරක්ෂාව කළමනාකරණය කරනවා, ඔවුන් අපගේ රාජ්‍ය අමුත්තන් නිසා අපි ඔවුන්ට එම ආකාරයේම ආරක්‍ෂක වැඩපිළිවෙළක් සහ ආරක්ෂාවක් සපයනවා,” යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය පැවැති දිනයේදීම පාකිස්තානය තුළ බෝම්බ පිපිරීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් පැවැති ආරක්ෂක ගැටලු මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය බවට දැනුම් දී තිබුණා.
නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(12) රාත්‍රියේ සදහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දී ඇති බැවින් තරග සංචාරය අඛණ්ඩව සිදු කර ගෙන යාමට තීරණය කළ බවයි.
එම තීරණය පසෙකලා යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබුණා.
කෙසේ වෙතත්, ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් සහතිකයට අනුව මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ සහාය කාර්ය මණ්ඩලය මෙම සංචාරය අඛණ්ඩව සිදු කරගෙන යාමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දහවල් නිවේදනය කළේ.
දෙරට අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, පසුව එය හෙට(14) දිනය දක්වා කල් දැමුණා.
Pakistan’s interim Interior Minister & PCB Chairman Mohsin Naqvi met the Sri Lanka team at the Rawalpindi Stadium today as they trained ahead of the 2nd ODI.
The discussion focused on security assurances and supporting both teams as the series continues. pic.twitter.com/3l8dLBvcCO
— NewsWire 🇱🇰 (@NewsWireLK) November 13, 2025