නවකයින් තිදෙනෙකු සමග ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලි සදහා වන නවසීලන්ත කාන්තා සංචිතය නිවේදනය කර තිබෙනවා.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Emma McLeod, Izzy Sharp හා Bree Illing සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධයකට ලක්ව සිටි Georgia Plimmer ද යළි සංචිතයට නම් කර ඇති අතර, Hayley Jensen ද සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා.
නිත්‍ය නායිකා Sophie Devine මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් Suzie Bates කණ්ඩායමේ වැඩබලන නායිකාව ලෙස පත් කර තිබෙනවා. Devine මේ වන විට විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත්ව ඇතත්, ඇය වෙනුවට නව නිත්‍ය නායිකාවක් මෙතෙක් පත් කර නැහැ.
Amelia Kerr ද ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලි සදහා ඇය එක්වන්නේ නැහැ.
වම් දණහිසේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන් Molly Penfold හට ද ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලි අහිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර එළඹෙන 27 හා 28 යන දිනවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම Lincoln හීදී පුහුණු තරග දෙකක් සදහා ද එක්වනවා.
එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.
New Zealand Women ODI and T20I squads for Sri Lanka
Suzie Bates (c), Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Bree Illing (ODIs only), Polly Inglis (ODIs only), Bella James, Hayley Jensen, Fran Jonas, Jess Kerr, Rosemary Mair (T20Is only), Emma McLeod, Georgia Plimmer, Hannah Rowe (ODIs only), Izzy Sharp (T20Is only)