Ultimate magazine theme for WordPress.

තුෂාරගේ විහිළුවට නයීම්ට යකා නැග්ගේ ඇයි? ලංකාව 99න් බේරුණු නීතිය මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු T20I තරගය ඊයේ නිමා වුණේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයක් හිමි කර දෙමින්.

පල්ලේකැලේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී තරගය ජය ගත්තා.

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරය නුවන් තුෂාර විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුව බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගැනීමට සමත් වුණා.

Shamim Hossain ට එරෙහිව යොමු කළ එම පන්දුවට Shamim විසින් රිවර්ස් පහරල් එල්ල කිරීමට තැත් කළ නමුත්, එය අසාර්ථක වුණා.

එම අවස්ථාවේදී පන්දු යවන අන්තයේ රැදී සිටි Mohammad Naim ලකුණක් ලබා ගැනීමේ අරමුණින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් සිටි අතර, පසුව නැවත ඔහු සිය සීමාව කරා පැමිණෙමින් සිටියා.

පන්දුව කඩුලු රකින්නා විසින් රැක ගැනීමෙන් පසුව එය යළි නුවන් තුෂාර වෙත යොමු කෙරුණු අතර, එහිදී පන්දුව තමා වෙතට පැමිණීමට පෙර නුවන් විසින් පිතිකරු රැවටීමේ අරමුණින් (විහිළුවට මෙන්) කඩුල්ල බිද හෙලීමට උත්සාහයක් දරනු ලැබුවා.

පසුව ඒ සම්බන්ධයෙන් එම අන්තයේ රැදී සිටි පිතිකරු වූ Naim විසින් විනිසුරුට පැමිණිලි කරන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

අයි.සී.සී නීති ප්‍රකාරව මෙම වරද ව්‍යාජ පන්දු රැකීමක් හෙවත්  fake fielding ලෙස හැදින්වෙනවා.

41.5.1, “it is unfair for any fielder wilfully to attempt, by word or action, to distract, deceive or obstruct either batsman after the striker has received the ball.”

ඒ අනුව පිතිකරණ කණ්ඩායමට දඩුවම් ලකුණු 5 ක් ලබා දීමට මෙවැනි අවස්ථාවක විනිසුරු කටයුතු කළ යුතුයි.

නමුත් මෙම අවස්ථාවේදී විනිසුරු එය සිදු නොකිරීම විශේෂත්වයක්.

දර්ශන කිහිපයක් පහතින් –