Ultimate magazine theme for WordPress.

තුන්කොත් තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාව – ඉන්දීය සංචිතයත් නම් කෙරේ

ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග මෙම තරගාවලියට තරග වදින්නේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාවයි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එළඹෙන 27 වැනිදා සිට පැවැත්වීමට නියමිත අතර, අවසන් තරගය මැයි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි. සියලු තරග දිවා තරග ලෙසයි පැවැත්වෙන්නේ.

මේ අතර, තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.

India squad 

Harmanpreet Kaur (c), Smriti Mandhana (vice-capt), Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (wk), Yastika Bhatia (wk), Deepti Sharma, Amanjot Kaur, Kashvee Gautam, Sneh Rana, Arundhati Reddy, Tejal Hasabnis, Sree Charani, Shuchi Upadhyay

තරග කාලසටහන –

  • 27th April – Sri Lanka vs India
  • 29th April – India vs South Africa
  • 2nd May – Sri Lanka vs South Africa
  • 4th May – Sri Lanka vs India
  • 7th May – South Africa vs India
  • 9th May – Sri Lanka vs South Africa
  • 11th May – Finals