Ultimate magazine theme for WordPress.

තීක්ෂණ නොමැතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

Preview

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පැවැත්වෙන දෙවන දිනය අදයි(24).

අද දිනයේ දී තරගාවලියේ වැදගත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 15 වැනි තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා බංග්ලදේශය අතරයි.

තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වුණේ.

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මුහුණදුන් ආබාධය හේතුවෙන් අද තරගයෙන් ඔහුව විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති.

ඒ අනුව තීක්ෂණ වෙනුවට අකිල ධනංජය සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

කණ්ඩායම් දෙක සතුවම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් සතු වීම හේතුවෙන් තරගය වඩාත් ආකර්ශනීය මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල තවමත් ස්ථාවර වී ඇති බවක් දක්නට නොලැබෙන අතර, ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොදින් ක්‍රීඩා කිරීමටනම් මුල්පෙල පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අතිශය වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2007 වසරේ දී වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64ක ජයක් වාර්තා කළා.

  • අද තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දසුන් ශානක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ළහිරු කුමාර

මේ අතර, දිනයේ දෙවැනි තරගය, එනම් තරගාවලියේ 16 වැනි තරගය අද පැවැත්වෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතරයි.

එම තරගය ඩුබායි හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment