ජොනතන් ට්‍රොට්ගේ ධූර කාලය දිගු කරයි

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් එරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ කොන්ත්‍රාත් කාලය තවත් මාස 12 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ඔහු 2025 වසර අවසානය දක්වා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.
වසර දෙකහමාරක කාලයක් තිස්සේ ජොනතන් ට්‍රොට් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරමින් සිටින අතර, එම කාලයේදී ඇෆ්ඝනිස්තානය දැක් වූ දක්ෂතා මත පදනම්ව ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
2024 වසරේ දී ද ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉහළ දක්ෂතා දැක් වූ අතර, මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පවා ඔවුන් සුදුසුකම් ලබා ගත්තා.
මෑතකදී සාජාහීදී පැවැති එක්දින තරගාවලියන්ගෙන් දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය පරදා තරගාවලි ජයග්‍රහන ද වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානයට හැකි වුණා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ද ඉහළ දක්ෂතා දැක්වීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණේ ජොනතන් ට්‍රොට්ගේ පුහුණුකාරීත්වය යටතේයි.
එම තරගාවලියේදී ඔවුන් පාකිස්තානය, එංගලන්තය හා ශ්‍රී ලංකාව පරාජයට පත් කළ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ඔවුන් පරාජයට පත් වූයේ අනපේක්ෂිත අයුරින් ග්ලේන් මැක්ස්වෙල් වාර්තා කළ නොදැවුණූ ද්විත්ව ශතකය හමුවේයි.