Ultimate magazine theme for WordPress.

ජේ පී ඩුමිනි ඉල්ලා අස් වෙයි

දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ජේ පී ඩුමිනි සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉවත් වූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2023 වසරේ මාර්තු මාසයේදීයි ඔහු අදාළ ධූරය සදහා පත් කෙරුණේ.

මීට පෙර ඩුමිනි SA20 තරගාවලියේදී Paarl Royals කණ්ඩායමේ ද, දේශිය කණ්ඩායමක් වන Boland කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුව International League T20 (ILT20) තරගාවලියට ක්‍රීඩා කරන Sharjah Warriorz කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද පත් කෙරුණා.