Ultimate magazine theme for WordPress.

ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධූරයට පළමු වරට වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තිළිණ කණ්ඩම්බි තීරණය කර තිබෙනවා.

2020 වසරේ දී LPL තරගාවලිය ආරම්භ වීමත් සමග මෙතෙක් පැවැති තරග වාර 4 තුළ දී ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහුයි.

පළමු තරගාවලියේ දී මෙම කණ්ඩායම ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම ලෙසයි හදුන්වනු ලැබුවේ.

කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු අදියර ත්‍රිත්වයේ දී ම ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

2023 අදියරේ දී ජැෆ්නා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබූ නමුත්, අවසන් මහා තරගයට ඔවුන්ට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

Leave a comment